http://www.lyricslk.com/

Install Sinhala Unicode

Tuesday, December 11, 2007

PAHASARA - පැහැසර



මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග ව‍ගතොට මතක අගුලු හැරදාලා
වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා

පැහැසර ඔබේ ආ...දරේ... මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ

මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්.....න
බිඳකට ඇවිදින් මගෙ ලය.... මත ඔය සවන තියන්න

පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ

PAHASARA - පැහැසර
ARTIST : CENTIGRADZ
TITILE : PAHASARA, පැහැසර
MUSIC : Thusith Niroshana, තුසිත් නිරෝශන්
LYRICS : Ravindra Meegama Arachchi/Sajith Dilpahan, රවින්ද්‍ර මිගම සහ සජිත් දිල්පහන්.

No comments: